අහසේ රදනා වලා සේනා - Ahase Randana wala sena - 9 March 2024

  Рет қаралды 168,735

Nishanthi Niroshani

Nishanthi Niroshani

5 ай бұрын

අහස රදනා වලා සේනා.......
ගායනය : සුනීර සුමංග
පද රචනය : නිශාන්ති නිරෝෂනී
සංගීතය : කරුණාරත්න විජේවර්ධන
අහස රදනා
වලා සේනා
ඔහේ පාවී
ගියාවේ......
වෙරළ සිඹිනා
සොඳුරු රළ පෙළ
බිදී විසිරී
ගියාවේ......
කවමදාවත්
මගේ මතකය
නුඹේ ළඟ
නොතිබුණාවේ......//
සිහින අතරේ
බලා ඉන්නම්
කාට නුඹ
හිමි උනාවේ......
ලොවම දන්නැති
නුඹත් දන්නැති
පෙම් සුවඳ දුන්
හදවතේ......
සිසිල විඳ විඳ
මම රැදෙන්නම්
මගේ ආදර
කතාවේ......
අහස රදනා
වලා සේනා
ඔහේ පාවී
ගියාවේ
#sinhalasongs #popularsong #trendingvideo #suneerasumanga#

Пікірлер: 265
@indrajayanthi6793
@indrajayanthi6793 4 ай бұрын
ලොවම දන්නැති නුඹත් දන්නැති පෙම් සුවද දුන් හදවතෙ සිසිල විද විද මම රැදෙන්නම් මගෙ ආදර කතාවෙ ඇත්තටම තනිව විදිනා සැගවුන අපූරු සුන්දර ආදරකතා හැමදාම වෙනස් නොවී පවතීවි
@erindslive818
@erindslive818 4 ай бұрын
Wow ❤❤❤❤❤❤❤
@sujeewavipulasena1013
@sujeewavipulasena1013 3 ай бұрын
❤❤❤💖💝❤️
@harshaniyashodha5338
@harshaniyashodha5338 3 ай бұрын
❤❤❤❤
@chalaninimasha8804
@chalaninimasha8804 3 ай бұрын
❤❤❤
@shobadharshani6879
@shobadharshani6879 2 ай бұрын
❤❤❤🙏🏿🙏🏿3
@geearuth1005
@geearuth1005 4 ай бұрын
හදවතේ ඇතිවන සමහර ආදර කතා පටන්ගන්නත් කලින් ම නැතිවෙලා යනවා.ඒත් සමහර ආදර කතා හිතට බර වැඩිවෙන වෙලාවල් නැතුවා ම නෙවෙයි. විශේෂයෙන් ම ඒක පාර්ශ්වීය ප්‍රේමයත් අන්න ඒ වගේ. දෙන්නෙක් ආදරේ කරනවර වඩා කෙනෙක්ට තනියම ආදරේ කරන එක වෙලාවකට සුන්දරයි.තවත් වෙලාවකට කරදරකාරයක්. අහසෙ රදනා වළා සේනා ගීතයේ අත්දැකීමත් එහෙම එකක්.(ගීතයේ මා දකින අත්දැකීම නිර්මාණකාරිනියගේ අත්දැකීමෙන් වෙනස් වෙන්න පුලුවන්) කොයිහැටි වෙතත් ගීතයේ හමුවන ඒක පාර්ශ්වීය පෙම්වතා කිසිම වෙලාවක තමන්ගේ ආදරය ඇයට ප්‍රකාශ කරන්නේ නැහැ. නිර්මාණකාර නිශාන්ති නිරෝෂණී කිවිඳිය එය හරි අපූරුවට පළමු පද පෙළෙහි අන්තර්ගත කරනවා. "අහසෙ රදනා වළා සේනා ඔහේ පාවී ගියාවේ වෙරළ සිඹිනා සොඳුරු පෙළ බිඳී විසිරී ගියාවේ..." ඔහු තමන්ගේ හිතේ ඇතිවන ආදරය අහසේ වළාපෙළටත්,වෙරළේ බිඳී විසිරෙන රළ පෙළටත් උපමා කරයි. අහසට වළාවන් වගේම වෙරළට රැල්ලත් අතිශය සුන්දරත්වයක් එක් කරයි.නමුත් ඒවා අස්ථීරවන්නේ කෙසේ ද එලෙසින් ම ඔහුගේ ප්‍රේමණීය සිතුවිලි ද අස්ථිර වන බව ඔහු හැඳින ඇත. කිවිඳියගේ සංකේත භාවිතය ඇයගේ පරිණත ප්‍රතිභාව කියා පායී. "කවමදාවත් මගේ මතකය නුඹේ ළඟ නො තිබුණාවේ සිහින අතරේ බලා ඉන්නම් කාට ඔබ හිමි උනාවේ..." ප්‍රේමය යනු ලබ ගැනීම ම නොවන බව විශ්වාස කරන කථකයා ඇයට ඔහු වදයක් වනවා දකින්නට අකමැති අයෙකි.ඔහු පිළිබඳ මතකයක්වත් ඇය තුළ නොතිබෙනවා දකින්නට ඔහු ප්‍රිය කරයි.ඒ නිසාම ඔහු ඇයගේ හිමිවීම අපේක්ෂා නොකරයි.මන්ද ඔහුට අවශ්‍ය වන්නේ ඇය සතුටින් සිටිනවා දැකීම විය යුතු ය.තමන්ට හිමි කර ගැනීමට වෙර නොදරන ඔහුගේ අපේක්ෂාව නම් තම සිහිනයේ ම ගිලී හිඳීම ය. "ලොවම දන්නැති නුඹත් දන්නැති පෙම් සුවඳ දුන් හදවතේ සිසිල විඳ විඳ මම රැදෙන්නම් මගේ ආදර කතාවේ..." පෙර කිවූ පරිද්දෙන් ම ඔහුගේ මේ ප්‍රේමය කිසිවෙකුත් නො දනී.විශේෂයෙන් ම ඇයපවා නොදනී.එයට හේතු තිබිය හැකි ය.ගීතය පොදු අත්දැකීමක් බවට පත්වන්නේ එනිසාවෙනි. ගීතය ගායනා කරන සුනීර සුමංග යෞවනයා විසින් ගීතයට සිදු කරන සාධාරණය අති විශිෂ්ට ය.ඔහුගේ හඬ භාවනාවකි.සුමිහිරි සංගීතය ද ඊට දෙවැනි නොවන්නකි. ඉතිං මෙරට සුබාවිත ගීතයේ රික්තකය කෙමෙන් වැසීයමින් පවතී.ඔබ සියල්ලන්ට ම සුබපැතුම් එක් කරමි. මම, දුෂ්‍යන්ත වීරසේකර ගී අරුත්
@NishanthiNiroshani
@NishanthiNiroshani 4 ай бұрын
ආදරය,ප්‍රේමය සුන්දරයි. හමුවෙලා හිමිවන ප්‍රේමය, හිමි වෙලා හමුවන ප්‍රේමය වගේම හමුවෙලා හිමි නොවන ප්‍රේමයත් සුන්දරයි. මේක එහෙම කතාවක්. ඒ කතාව ලස්සනට අර්ථ ගැන්වූවට සහ නිර්ලෝභී අගය කිරීමට බෙහෙවින් ස්තුතියි.
@harshiEdirisingha
@harshiEdirisingha 4 ай бұрын
❤❤❤❤❤​@@NishanthiNiroshani
@FixiandFoxi
@FixiandFoxi 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@nadeeshaudayangani3778
@nadeeshaudayangani3778 4 ай бұрын
❤❤
@pramodanichalanika9070
@pramodanichalanika9070 4 ай бұрын
Hadawatata danuna godakma
@yohanrandika8701
@yohanrandika8701 3 ай бұрын
මේ වචන නමෙයි... තනිකරම ජීවිත. ඒ හඩ ඒ වචන ඇතුලේ අපිව ජීවත් කරවනවා 🥺❤️
@priyankawelegedara5957
@priyankawelegedara5957 4 ай бұрын
හමුවෙලා හිමි නොවන ප්‍රේමය ❤
@krishmiaravindi8003
@krishmiaravindi8003 4 ай бұрын
සුනීර අයියගේ හඩ නම් මායවක්.ඒක කෙනෙකුට ජීවත් වෙන්න මගක්❤
@krishmiaravindi8003
@krishmiaravindi8003 4 ай бұрын
ඒ වචන නම් මාරම ලස්සනයි 🥰🥰
@sanjeewanisamarasinghe5591
@sanjeewanisamarasinghe5591 4 ай бұрын
ලොවම දන්නැති නුඹත් දන්නැති පෙම් සුවඳ දුන් හදවතේ.. සිසිල විද විද මම රැදෙන්නම් මගේ ආදර කතාවේ.....❤️
@damithweerasekera7967
@damithweerasekera7967 7 күн бұрын
ඒ පද මාරම ලස්සනයි ,තවත් ලස්සන නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා ❤❤
@user-sh3ti4vs6j
@user-sh3ti4vs6j 3 ай бұрын
තවත් මෙවෙනි ගී ගයන්නට ඔබ‍ට ශක්තිය ලැබේවා
@rajika86
@rajika86 2 ай бұрын
මේ වචන ගැහැණු කෙනෙක් ලිව්වා එකටම මම හරිම කැමැති. මේක ගායිකාවකට කියන්න දුන්නම් ඊටත් වඩා අපිට දැනෙන්න තිබුනා කියලා හිතනවා. සුභ පැතුම් ඔබට❤
@NishanthiNiroshani
@NishanthiNiroshani 2 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤
@disnajayawardhana1819
@disnajayawardhana1819 4 ай бұрын
ලස්සන පද පෙලක් ලස්සන කටහඩක්.. භාවනාවක් වගේ...... love your voice..❤ පලවෙනි සිංදුව අහපු දා ඉදල ආදරය කරන කටහඬක් චරිතයක්... ❤👍
@AyeshaSamanthi-vn2kd
@AyeshaSamanthi-vn2kd 4 ай бұрын
මම දවසට දහපාරක්වත් අහනව ඒ තරම් ලස්සනයි
@jkherth5385
@jkherth5385 4 ай бұрын
කිසිම තේරුමක් නැතිව ගීපදවැල් ලියවෙන කාලයක නිලන්ති නිරෝසනි මිස්ගේ මේ ගීතය ඉතා අගයකලයුතු නිර්මානයක් හිතක ඉපදෙන සුන්දරව තනිව විදින ආකාරය ලස්සනට ඔබ ගාලපලා තියනවා ඒවගේම සූනිර මෙම ගීතයට ඉතාම හොද සාදරනයක් ඒක් කලා දෙන්නම මගේ සුබ පැතුම්❤
@piyalathauda8359
@piyalathauda8359 3 ай бұрын
දැනුනෙ නැත්නම් වටිනාකම ක් නැත්නම් ඉන්න කියල අයදින්නෙ නෑ...ඒත් ඒ සුන්දර මතක එක්ක මට හැමදාම ඒ සුවය විඳින්න පුළුවන් .. ඒ හොඳටම ඇති ..
@nalakarathnayaka6282
@nalakarathnayaka6282 4 ай бұрын
සුනීර ගෙ හඩට ටක්කෙටම හරියන වචන, තාල..👏👏👍
@pathukavee6738
@pathukavee6738 4 ай бұрын
අහසෙ රඳනා වලා සේනා ඔහේ පාවී ගියාවේ වෙරළ සඹිනා සොඳුරු රළ පෙළ බිඳී විසිරී ගියා වේ.. කවමදාවත් මගේ මතකය නුඹේ ළඟ නොතිබුනාවේ සිහින අතරේ බලා ඉන්නම් කාට නුඹ හිමි උනාවේ ලොවම දන්නැති නුඹත් දන්නැති පෙම් සුවඳ දුන් හදවතේ සිසිල විඳ විඳ මම රැඳෙන්නම් මගේ ආදර කතාවේ...
@mahasenamarasinghe2906
@mahasenamarasinghe2906 5 ай бұрын
අම්මේ...ඒක මාරම ලස්සනයි නංගි...ලස්සනම වචන ටිකක්...අහිමි වුණත්...ප්‍රේමය හදවතින් විඳීමක්...කියන්න වචන නෑ...Excellent Nangi...Outstanding...Brilliant...හදවතින්ම සුබ පතමි නංගිට....🙏🙏🙏❤❤ ඒ විතරක්ද සුමීර සුමංග ගායකයානන් ලස්සනටම Sing කරනවා...එයා අපට සම්පතක්...සංගීතය ගැන කියන්න වචන නෑ...Perfect...Excellent 👌👌👌👌👌👌🏆️🏆️🏆️🏆️🌹🌹❤❤
@leenafernando7276
@leenafernando7276 3 ай бұрын
💖😘 හරීම ලස්සන පද වැලක් , ලස්සනම ලස්සන ගායනයක්🙏 සුබ පැතුම් 🌷✌️✌️✌️
@KumuduRathnayake-mt6ly
@KumuduRathnayake-mt6ly 3 ай бұрын
සිතට දැනෙන ලස්සන පද පෙලක් ඒ වගේම හැගීම්බර කටහඬක් ලස්සනයි
@chamodirathnayaka4968
@chamodirathnayaka4968 4 ай бұрын
ඒ වචන වල තිබ්බේම මගේ ජීවිතේ ❤
@isurusilva7793
@isurusilva7793 4 ай бұрын
Mageth
@nipunichandrasekara956
@nipunichandrasekara956 4 ай бұрын
Mageth
@ShamzShams
@ShamzShams 4 ай бұрын
මගෙත්
@Shalika-fernando
@Shalika-fernando 3 ай бұрын
🥺🥺🥺🥺🥺
@keshaniumesha9069
@keshaniumesha9069 3 ай бұрын
මගෙත් 🥹🥹🥹🥹 එයා නොලැබුනත් . එයාවමයි පතන්නෙ 🥹🥹🥹
@Penu1110
@Penu1110 Ай бұрын
මම කෙනෙක්ට අවුරුදු ගානක් හිතින් ආදරේ කරා.ඒත් කියන්න ගියේ නැහැ එය මාව හරියට දන්නේ නැහැනේ අනික එයාගේ රැකියාවට බාධාවක් වෙයි කියලා.මමත් මගේ රැකියාවේ ඉස්සරහට ගියා.මට පුළුවන් හැම මොහොතෙම බොරු හේතුවක් හරි හදන් මම එයා බලන්න යනවා ඒත් දුර ඉඳන් බලන් ඉදලා එනවා.කවදාවත් කතා කරලා හිතේ තිබ්බ දේ කියන්න මට හයියක් තිබ්බේ නැහැ.ඒ වගේම මගේ හිතේන් එයාට ආදරේ කරද්දී මම ගොඩක් සතුට්න් හිටියා.. මාස කිහිපයක් එයාව දකින්න යන්න මට බැරි උනා...අද උදේම ලෑස්ති වෙලා මොන දේ උනත් කමක් නැහැ එයාව බලන්න යනවා ගිහින් නේ හැමදේම කියනවා කියලා හිතුවා. හරීම සතුටේන් ගියා ඒත් එයාතව දුරට ඉගෙන ගන්න විදෙස් ගත වෙලා.ඒත් හරියට කොහෙද රට කියලවත් මට විස්තරයක් දැන ගන්න ලැබුණේ නැහැ. අද මට හිතෙන්නේ මගේ හැමදේම එකම තැන නැවතුනා වගේ කියා ගන්න බැරි වේදනාවක් හයියෙන් ඇඩුව.අවුරුදු ගානක් හිතින් ආදරේ කරා එක එයාව ත් දන්නේ නැහැ කිසිම කෙනෙක් දන්නේ නැහැ.දන්නේ මගේ හිතම විතරයි.දැන් මම කොහේ කියලා ඔයා හොයන්න ද..ඒත් මට විශ්වාසයි දවසක මට එයා මුණගැහෙයි එතකන් මම ඉන්නවා එහෙම බලාපොරොත්තුවක් දැන් මාව ජීවත් කරනවා
@ravidulakshan7380
@ravidulakshan7380 7 күн бұрын
මාරම ලස්සනයි ❤❤❤❤
@chalaninimasha8804
@chalaninimasha8804 3 ай бұрын
හිතට දැනෙන ,.... සුන්දර පද පෙලක්... සවන් පිනන,... සුන්දර කට හඩක්... ❤❤❤
@manugiakarsha969
@manugiakarsha969 4 ай бұрын
පුදුම ලස්සන පද වැලක්, පුදුම ලස්සන කටහඬක්. කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ. සුනීර මල්ලිගෙ කටහඩ භාවනාවක්. ❤❤❤❤
@rashminisanka8584
@rashminisanka8584 3 ай бұрын
ඒ පද පේලි,භාවනාවක් වගේ ලස්සන කටහඩ,සංගීතය හැමදේම ලස්සනයි ❤
@surangijayawickrama8616
@surangijayawickrama8616 4 ай бұрын
:""කවමදාවත් මගේ මතකය නුඹේ ළග නො තිබුනාවේ බලා ඉන්නම් සිහින අතරේ කාට නුඹ හිමි උනාවේ,,, ආදරෙයි අජිත් අයියේ හැමදාමත් ❤❤
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 5 ай бұрын
හරිම ලස්සනයි ගායනය සහ පද පෙළ ඒ වගේම ගොඩක් ස්තුතියි හොද සුගායනීය නිර්මාණ පමණක් අරන් එනවට බාල වැඩ නොකරනවට ඔබව අපිට වටිනව
@user-fx6ro2hw3f
@user-fx6ro2hw3f 4 ай бұрын
ලොවම දන්නැති.. පදවැල තනු නිර්මාණ ගායනය උසස් ජයවේවා පුතා
@bpjayasinghe5091
@bpjayasinghe5091 3 ай бұрын
Harima. aadaraneeyai..hadawatak. ethi ayata...❤❤❤❤❤
@NishaKumari-fd6ck
@NishaKumari-fd6ck 4 ай бұрын
හරිම ලස්සනයි ❤️❤️🌹🌹
@yamunagajanayake797
@yamunagajanayake797 4 ай бұрын
පද රචනය ,ගායනය ,සංගීතය සියල්ලම අපූරුයි ...❤❤❤
@yashinisamudika2860
@yashinisamudika2860 4 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤හිතේ පතුලටම වදිනවා ....❤❤❤❤
@user-fg7lr1gk6q
@user-fg7lr1gk6q 4 ай бұрын
All the very best Suneera Sumanga. අපේ ගමෙන් බිහි උන Super Star
@sriyanipriyantha
@sriyanipriyantha 4 ай бұрын
ලස්සනයි ගොඩාක් ...❤❤❤❤
@inokaperera3168
@inokaperera3168 4 ай бұрын
හරිම ලස්සනයි.
@kusumnm60
@kusumnm60 3 ай бұрын
අරුත්බර ගීතයක්.ඉදිරියට යන්න ජය පතමි හදවතින්ම නංගී
@nipunichandrasekara956
@nipunichandrasekara956 4 ай бұрын
❤wow, wonderful
@karunakoggala6472
@karunakoggala6472 4 ай бұрын
Soothing voice. Beautiful
@dulaxidevindi2535
@dulaxidevindi2535 4 ай бұрын
හරිම ලස්සනයි❤
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 4 ай бұрын
ලස්සන ගීත පද වැලකට හිත නිවන හඬ මූසූව👍👍🎶🎶🎶🎶🎸🎸🎸🎶🎸🎶🎶🎶🎸🎶🎸🎶🎸❤️🌹
@amilashamikaudalamat
@amilashamikaudalamat 3 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@user-bu8xk9em9u
@user-bu8xk9em9u 4 ай бұрын
Harima lassanai.
@DeepaSenadeera-zk2bb
@DeepaSenadeera-zk2bb 4 ай бұрын
හදවතට තදින් දැනුන ලස්සන පද පේලි ටිකක්.. ♥️♥️♥️
@kaveeshadharmasiri8181
@kaveeshadharmasiri8181 4 ай бұрын
හරිම ලස්සනයි ඒ වචන 🥺🥰❤️
@vinithafernando8704
@vinithafernando8704 4 ай бұрын
Hari lassanai❤
@vineetharajapakshe4700
@vineetharajapakshe4700 2 ай бұрын
Harima lassanai ❤❤
@suranifernando6775
@suranifernando6775 4 ай бұрын
🎉 ලස්සනයි....
@iranganijoseph4072
@iranganijoseph4072 3 ай бұрын
හදවතට දැනෙන මිහිරි ම ගීතයක්.❤
@wickramagea5878
@wickramagea5878 4 ай бұрын
✍️🎵🎤🎧❤️👍👍🥰🥰 ලස්සනයි ❤❤
@KusumSenewirathne
@KusumSenewirathne 4 ай бұрын
අහන්න අහන්න ආස හිතෙන සින්දුවක්.....❤❤❤❤❤
@ShiraniShirani-nx3mr
@ShiraniShirani-nx3mr 3 ай бұрын
හරිම ලස්සනයි
@champaheenkende5252
@champaheenkende5252 4 ай бұрын
සුනීර ❤ ලස්සන පද පෙලක් ..හැගීමෙන්ම ....හදවතින්ම ගයන... කටහඩ...❤
@user-kf2rl3sj9x
@user-kf2rl3sj9x 4 ай бұрын
භාවිතාවක් වගේ .හඩ,ගී පද සුබ අනාගතයක් පුතේ❤❤
@hariniyasara2305
@hariniyasara2305 4 ай бұрын
Love this ❤️❤️❤️
@user-pt2fp8bo8j
@user-pt2fp8bo8j Ай бұрын
හරිම ලස්සන සින්දුවක්...❤❤❤
@indranifernando6937
@indranifernando6937 2 ай бұрын
හරිම ලස්සනයි පුතා
@user-ri5pn4tr8g
@user-ri5pn4tr8g 4 ай бұрын
Harima lassani ❤❤❤❤
@nilanthikumudini4418
@nilanthikumudini4418 2 ай бұрын
හරිම ලස්සනයි පුතේ තෙරැවන් සරණයි ඔයාට
@NishanthiNiroshani
@NishanthiNiroshani 2 ай бұрын
බොහොම ස්තූතියි 🥰❤
@ransudarmasooriya5465
@ransudarmasooriya5465 2 ай бұрын
ආදරය කියන්නේ රිදි රිදි උනත් ඒ කෙනාටම මැරෙනකම්ම කරන්න පුලුවන් දෙයක්...❤හිත් වලින් දුක් විද කී දෙනෙක් නම් අතීතේට යනවා ඇත්ද මේ ගීතය අහනකොට.😢 හිමි නොවුණු ආදර කතා කොච්චර නම් මැරෙනකම් පන ගැහෙනවා ඇත්ද...😢😢රහසේම..❤😢
@Subhash_Dickwella
@Subhash_Dickwella 3 ай бұрын
ඉතාමත් අපූරුයි
@lakminiariyarathna153
@lakminiariyarathna153 4 ай бұрын
No words malli❤❤❤❤
@arunilewwandage8206
@arunilewwandage8206 2 ай бұрын
ලස්සන video ekak anakan balan inna man..
@dulanjalilakmali4003
@dulanjalilakmali4003 4 ай бұрын
ලස්සනයි ❤
@reshani5038
@reshani5038 4 ай бұрын
හරිම මිහිරියි 🌼
@milanifonseka3075
@milanifonseka3075 3 ай бұрын
What a beautiful song
@user-yf5lv9sv2b
@user-yf5lv9sv2b 3 ай бұрын
කවදාමත් මගේ මතකය නුඹේ ලග නොතිබුනාවේ... සිහින අතරේ බලා ඉන්නමි කාට නුඹ හිමි වුනාවේ...
@idunilpremadasa8166
@idunilpremadasa8166 4 ай бұрын
Beautiful lyrics
@samanlalani1766
@samanlalani1766 4 ай бұрын
සුපිරි ❤
@KalyaniPrasadhika-qp6nl
@KalyaniPrasadhika-qp6nl 3 ай бұрын
Harima lassana song ekak.mama asama katahadak.
@hansijayasinghe4065
@hansijayasinghe4065 4 ай бұрын
ඒ පදවැල් හරිම ලස්සනයි ♥️
@wamssritakanthi2653
@wamssritakanthi2653 3 ай бұрын
ආශ්චර්‍යකි...මේ ගැයුම..
@harshiEdirisingha
@harshiEdirisingha 4 ай бұрын
ලස්සනයි ...ලස්සනයි ..ලස්සනයි මේ කියන්නේ .. ආදරේ .. ❤❤❤
@hkmhaputhanthrige4325
@hkmhaputhanthrige4325 4 ай бұрын
කවම දාවත් මගේ මතකය නුඹේ ළඟ නොතිබු නාවේ
@anandaholiyabandara9902
@anandaholiyabandara9902 4 ай бұрын
අපූරු පද පෙලක් අපූරු හඩක්
@adifferentcharacter...9305
@adifferentcharacter...9305 4 ай бұрын
භාවනාවක් ඔය කටහඩ .වාසනාවන්❤
@ObaWenuwenGee
@ObaWenuwenGee 2 ай бұрын
sobawitha gee uyana sarasan thawath lassana aruthbara watina mihiri geethayak. Geethaya nirmanayata dayaka wu siyaludenata mage adaraneeya subhapathum...
@NishanthiNiroshani
@NishanthiNiroshani 2 ай бұрын
බෙහෙවින් ස්තුතියි මේ වටිනා අගය කිරීමට 🥰❤🙏
@senevi1971
@senevi1971 2 ай бұрын
No word to explain my Hart feeling ❤
@hettiaratchigejayawanth112
@hettiaratchigejayawanth112 4 ай бұрын
Lassanai putha
@MaduJayasekara-sr4ct
@MaduJayasekara-sr4ct 3 ай бұрын
පුරුද්දක් විදිහට මම හැමදාම මේ සිංදු ටික අහනවා❤
@dgajsubashini2646
@dgajsubashini2646 Ай бұрын
Mekanam pissuwak malli🎉.❤
@dinushakarunarathne7308
@dinushakarunarathne7308 3 ай бұрын
Love this song, I was a fan of this guy
@dinushakarunarathne7308
@dinushakarunarathne7308 3 ай бұрын
I hear this song more than 10 times a day. I'm very busy with my work but I reserve my time for this song. I was finding this voice, and finally, I found. Thank you so much 💓
@user-tk4kn2uy5v
@user-tk4kn2uy5v 2 ай бұрын
මම පුරුද්දක් විදිහට මේ ගීය නරඹා සිත සුවපත් කරගන්නවා...මේ හඩ ඒ තරම් ප්‍රබලයි...ලයාන්ව්තයි.❤ රච්කාව්යගෙ ව්චන වලට පණ පොවා මධුර සුගායනයෙන් ගයන ඔබට ආදරෙයි
@NishanthiNiroshani
@NishanthiNiroshani 2 ай бұрын
ස්තූතියි 🥰❤🙏
@Riddle_Delphi2009
@Riddle_Delphi2009 4 ай бұрын
වචන වලට ඒ සංගීතයයි මධුර කටහඬයි එකතු වුනාම ......❤
@user-xx6ve6ju5y
@user-xx6ve6ju5y 20 күн бұрын
අම්මෝ කටහඩ නම් භාවනාවක් හමුවෙලා හිමිනොවුන ප්‍රෙමයක් මටත් තිබුණා 😢
@manelsujeewani539
@manelsujeewani539 5 ай бұрын
අපුරු වදන් වියමන,,, මියුරු මියැසිය...ඉමිහිරි ළයාන්විත සුගායනය...අනර්ගයි.සුබ පැතුම්...🎉️🎉️🎉️👍👍👍❤️❤️
@sriyanipd6746
@sriyanipd6746 2 ай бұрын
Harima mihiri katahadak❤❤❤❤❤❤❤
@shiromewijesingha3813
@shiromewijesingha3813 7 күн бұрын
ලස්සනට කියනව මම ගොඩක්ම ඇහැව්වා
@user-pk9nh9pe6r
@user-pk9nh9pe6r 4 ай бұрын
harima lassanai nangi....💗 සිහින අතරේ බලා ඉන්නම් කාට නුඹ හිමි උනාවේ......❤‍🩹
@isabelasiriwardena642
@isabelasiriwardena642 4 ай бұрын
පුතේ , හරිම අගෙයි. වටිනාකම ප්‍රකාශ කිරීමට වචන නැත. ඒ තරම්ම සුන්දරයි .මිහිරියි . හැඟුම්බරයි . කන්කලුයි.💘💘💘
@lalithpriyashantha6404
@lalithpriyashantha6404 2 ай бұрын
මේ වචන,මේ කටහඬ,මේ නාද රටා, ඇත්තටම භාවනාව ක් වගෙයි.හිත සුවපත් කරනවා.හරිම සතුටුයි.ජයම වේවා.
@NishanthiNiroshani
@NishanthiNiroshani 2 ай бұрын
බොහොම ස්තූතියි 🥰
@ThishaniPavithra
@ThishaniPavithra 4 ай бұрын
Heart touching lyrics 💜️ 🎶 🎼 beautiful voice
@skoswaththa8459
@skoswaththa8459 4 ай бұрын
කවමදාවත් මගේ මතකය නුඹේ ළඟ නොතිබුණාවේ.. ලස්සන පදවැල්, මියුරු සංගීතය, මිහිරි ගායනය හරි අපූරුවට සංයෝජනය කර තැනූ ගීත නිර්මාණයක් ❤
@user-xs5dm6kb3t
@user-xs5dm6kb3t 4 ай бұрын
Ahase Radana Wala Sena Wow
@Laki-u2e
@Laki-u2e Ай бұрын
කියන්න නොතේරෙන හැගීම් ගොඩක් පපුවෙ හීනි රිදුමකුත් එක්ක එක්ක එයා මතක් වෙනවා සෑහෙන්න.. කවදාත් අයිති වෙන් නැති කෙනෙක්ට අවුරුදු දෙකක විතර එයා දිහා බලන් ආදරෙ කරනවා 🥺💗
@chamodiupeksha631
@chamodiupeksha631 3 ай бұрын
Lassanai wachana tika.e hada eetath wediya lassanaii
@sheltonbandara9365
@sheltonbandara9365 3 ай бұрын
Niyamai naga
@tishiherath1454
@tishiherath1454 4 ай бұрын
හිත නිවන හඩක් ❤
@dinushakarunarathne7308
@dinushakarunarathne7308 3 ай бұрын
How I live without this song
@geethagunawardhana9508
@geethagunawardhana9508 2 ай бұрын
ලස්සනයි.පුතේ
@user-md9pf8th2p
@user-md9pf8th2p 4 ай бұрын
❤නිවන භාවනාවක්
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 21 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 25 МЛН
GIANT umbrella by Tsuriki Show
00:15
Tsuriki Show
Рет қаралды 7 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 23 МЛН
Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala
3:09
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,6 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 21 МЛН